Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට ආචාර්යය හර්ෂ ද සිල්වා පත්කරයි.

පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නැවත පත් කළ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18) නිවේදනය කළේය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර ද එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. ඊට අමතරව එම කාරක සභාවේ සේවය කිරීම සඳහා වන කාරක සභා සාමාජිකයන්ගේ නම් ද කථානායකවරයා විසින් නිවේදනය කළේය. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රවි කරුණානායක, හර්ෂණ රාජකරුණා, නිමල් පලිහේන, විජේසිරි බස්නායක, තිලිණ සමරකෝන්, නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් මුදල් පිළිබඳ කාරක සභාවේ සෙසු සාමාජිකයන් වේ.

Related posts

කොළඹ විරෝධතාවයට ආ නිවිතිගල අපේක්ෂකයෙකු මරුට

Mohamed Dilsad

சரத் அமுனுகம அரசியலில் இருந்து ஓய்வு பெறுகிறார்

Mohamed Dilsad

Government to continue with providing dry rations

Mohamed Dilsad

Leave a Comment