දේශීය

කොළඹ විරෝධතාවයට ආ නිවිතිගල අපේක්ෂකයෙකු මරුට

කොළඹ ඊයේ (26) පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිටිය බවය.

 

එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.,

 

“තුවාල ලැබූ අය 28 දෙනෙකු පමණ රෝහල්ගතකරන්න සිද්දවුණා, කිහිපදෙනෙක් ටිකට් කපාගෙන ගිහිල්ලා තිබුණා. තවත් කිහිපදෙනෙක් ඉන්නවා. එතැනින් දෙන්නෙක්ට කිසියම් අසාධ්‍ය තත්ත්වයක් මතුවෙලා තිබුණා. දැන් වාර්තාවුණා අපිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජීවිතය නැතිවුණා කියලා විශේෂයෙන්ම නිමල් අමරසිරි කියලා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ අපේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරන සහෝදරයෙක්.”

Related posts

මැතිවරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක්

Mohamed Dilsad

ජීවන වියදම් කමිටුවේ යෝජනා පිළිබඳ අවසන් තීන්දුව

Mohamed Dilsad

ගම්පහ ඇඳිරි නීතිය කඩකළ 167 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment