දේශීය

පෙබරවාරි මාසයේත් සංචාරකයින් පැමිණීම ලක්ෂය ඉක්මවයි

පෙබරවාරි මාසය තුළ ද මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

 

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, පෙබරවාරි 26 වන දින වන විට මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බවය.

 

ජනවාරි මාසය තුළ ද සංචාරකයින් 102,545 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි දෙනෙකු රුසියානු ජාතිකයින් බව වාර්තා වේ.

 

ඊට අමතරව ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අමෙරිකාව සහ ඊශ්‍රායලය යන රටවලින්ද වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ තිබේ.

 

 

Related posts

සර්වපාක්ෂික සමුළුව අරඹමින් රනිල්ගෙන් කබ්රාල්ට කනේ පහරක්

Mohamed Dilsad

විශේෂ තේමාවක් යටතේ නෙළුම් කුළුණ අද සවසට ආලෝකමත් වෙයි

Mohamed Dilsad

පාසල් ඇරඹීම ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment