Trending Newsඑසැන පුවත්දේශීය

ස්ථාවර තැන්පතු හිමි අයටත්, අස්වැසුම දීලා

බැංකුවල ස්ථාවර තැන්පතු ඇති පිරිස් පවා අස්වැසුම සමාජ සුබසාධන ලබා ගන්නා බව වාර්තා වී ඇත. විශේෂයෙන්ම දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට අස්වැසුම ආධාර මුදල් ලැබෙන බැංකුවේම ස්ථාවර තැන්පතු ගිණුම් තිබෙන බවට වාර්තා වී තිබේ.

දකුණු පළාත් මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී මේ කරුණු හෙළි කර ඇත්තේ දකුණු පළාත් ඉඩම් කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා විසිනි. බැංකු කළමනාකරුවන් මෙන්ම බැංකු නිලධාරීන්ද මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නා බැවින් ඒ සම්බන්ධව තොරතුරු ලබාගත හැකි බව ඔහු පවසා ඇත.

මාතර දිස්ත්‍රික්කයේ අස්වැසුමලාභීන් 53,000ක් පමණ සිටින අතර, සියලු ප්‍රතිලාභීන්ගේ යාවත්කාලීන වූ තොරතුරු සහිත වාර්තාවක් ලබාදෙන ලෙස සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Related posts

Whats App மீதான தடை இன்று நள்ளிரவு முதல் நீக்கம்

Mohamed Dilsad

Update: Colombo-Kandy road remains blocked

Mohamed Dilsad

මෛත්‍රීපාල, සමගි ජනබලවේගයට එකතුවෙලා නැහැ – එස්.එම්.මරිකාර්

Editor O

Leave a Comment