ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)   –  කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින සවස 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.ජල නල අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්  මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නවා දෙයි.

 ඒ අනුව කොළඹ 02 සහ කොළඹ 03 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව තිඹිරිගස්යාය , හැව්ලොක් පාර, කොළඹ 08 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

සියලූම මුස්ලිම් ඇමැතිවරුන්ට යළි අමාත්‍යධුර ලබා දෙන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්.

Mohamed Dilsad

පළාත් පාලන සීමා නිර්ණය මේ මස 31ට පෙර ගැසට් මඟින්

Mohamed Dilsad

තලාවේ බැංකුවක් කොල්ලකයි

Mohamed Dilsad

Leave a Comment