Trending Newsඑසැන පුවත්දේශීය

කතානායක ආචාර්යය අශෝක රන්වල බීබීසී වෙබ් අඩවියට කළ ප්‍රකාශය.

කතානායක ආචාර්යය අශෝක රන්වල බීබීසී වෙබ් අඩවියට කළ ප්‍රකාශය පහත සඳහන්වේ.

උපුටා ගැනීම.

කතානායක අශෝක රන්වල බීබීසීයට කිව්වේ කුමක් ද?

අදාළ තොරතුරු විමර්ශනය අතරතුර නොවැම්බර් 27 වැනි දා කතානායක අශෝක රන්වල දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට බීබීසීයට හැකිවිය.

අප සමඟ කළ මිනිත්තු 22ක දුරකතන සංවාදයේදී කතානායක අශෝක රන්වලගෙන් බීබීසී සිංහල විමසා සිටියේ ඔහුගේ මූලික උපාධිය ලබා ගත්තේ මොරටුව විශ්වවිද්‍යාලයෙන් ද යන්න පිළිබඳව ය.

“එතකොට යුනිවර්සිටි එක හැදිලා තිබුණේ නැහැ නේ අපිට. යුනිවර්සිටි එක ඒවෙලා ඇෆ්ලිටියේට් වෙලා තිබුණේ, UGC එකෙන් පරිවර්තනය වෙලා ආපු කාලෙනෙ අපි ඒක කලේ, එතකොට තිබුණේ ෆැකල්ටි එකක් විතරයි තිබුණේ. ටෙක්නිකල්….මොකද්ද ඒකට කියන්නේ. මම ඒක දුන්න විදිහට නෙමේ දාල තියෙන්නේ. කමන් නැහැ ඒක.”

එසේ නම් ඒ අනුව නිවැරදි ලෙස ඔහුගේ මුලික උපාධිය සඳහන් කරන්නේ කෙසේ දැයි විමසා සිටි අවස්ථාවේදී අශෝක රන්වල කියා සිටියේ, “ඒක මං ඔයාට ලියල එවන්න ද” යනුවෙනි.

කතානායක අශෝක රන්වලගේ දේශපාලන කටයුතු පිළිබඳ නිරන්තරයෙන් යාවත්කාලීන කරන ෆේස්බුක් ගිණුමේ (තහවුරු නොකළ) ඔහු පිළිබඳ සඳහන් තොරතුරු නිවැරදි ද යන්න පිළිබඳව බීබීසී සිංහල ඔහුගෙන් ඉන් අනතුරුව විමසීමක් කළේය.

“නැහැ. තාම ඔෆීෂයල් පේජ් එක හදලා නැහැ. එක එක්කෙනා මගේ වෙනුවට හදපුව තමා ඒවා.”

“ඒ දවස්වල මම ෆැකල්ටි එකේ ලොකු වැඩ කොටසක් කළානේ. පක්ෂයේ වැඩ කොටසක් කළානේ ෆැකල්ටි එකේ. ඒවත් එක්ක තමා ඔය දාලා තියෙන්නේ.” අශෝක රංවල කියා සිටියේය.

අශෝක රන්වලගෙන් බීබීසී සිංහල නැවත විමසා සිටියේ ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු ලෙස හැඳින්විය හැකි ද යන්න පිළිබඳව ය.

“ඒක උපාධියක් නෙමේ.ඊට පස්සේ අවුරුදු ගාණක් පිරුණම උපාධියක් බවට පත් කර ගත්තා අපි. නමුත් ඒක වෙන්න ඇති ඕක ප්‍රශ්න කරනවා ඇත්තේ.”

“පෙට්‍රෝලියම් එකේ දන්න අය තමා ඔය කියන්නේ, [ඔහුට චෝදනා නඟන්නන්] පෙට්‍රෝලියම් එකේ රසායනික ඉංජිනේරුවා නෙමෙයි නේ මම”

“පෙට්‍රෝලියම් එකේ මම ඉන්දැද්දි දෙකම එකට කරලා තමයි ගත්තේ.[උපාධිය] ඒකයි ඔය. පෙට්‍රෝලියම් එකේ ඉංජිනියර්ස්ලා හිටියානේ. මම ඉංජිනියර් කෙනෙක් නෙමෙයි හින්දා තමා ඔය කියන්නේ පෙට්‍රෝලියම් එකේ.”

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සේවය කරන සමයේ ඔහු කුමන ධුරයක් දැරූවේ දැයි බීබීසී සිංහල ඔහුගෙන් විමසීමක් කළේය.

“මම කාර්මික නිලධාරී විදිහට හිටියේ.”

බීබීසී සිංහල අනතුරුව ඔහුගෙන් විමසා සිටියේ ඔහුගේ දැන් විවාදයට තුඩු දී ඇති ආචාර්ය උපාධිය පිළිබඳව ය.

එහිදී ඔහු සඳහන් කළේ ආචාර්ය උපාධිය ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ලබා ගත් බව ය.

එය ජීව රසායනය සම්බන්ධ ආචාර්ය උපාධියක් බව ද අශෝක රන්වල එහි දී පැවසීය.

ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත්තේ කුමන වසරේ දැයි බීබීසී සිංහල විසින් ඔහුගෙන් විමසීමක් කළේය.

“ඒක කළේ….අසූ…අනූ හයේ වගේ.”

කෙසේ නමුත් අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ බීබීසී ය විමසා සිටි කරුණු සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරු එවීමට පොරොන්දු වූ කරුණු , කතානයක අශෝක රන්වල මේ දක්වා ගත වූ දින 14 තුළ අප වෙත එවා නැත.

ඒ සම්බන්ධයෙන් යළි දුරකතන ඇමතුමක් දෙන බව ඔහු අප වෙත පැවසුව ද මේ දක්වා අප වෙත දුරකතන ඇමතුමක් ලබා දී නැත.

බීබීසී සිංහල වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි.

Related posts

වෛද්‍යවරුන් 4000 කගේ පුරප්පාඩුක්

Mohamed Dilsad

வேதனப் பிரச்சினையில் பிரதமர் நேரடி தலையீடு

Mohamed Dilsad

2017 GCE (A/L) Z-Score Released

Mohamed Dilsad

Leave a Comment