Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

කොළඹ වරාය ව්‍යාපෘතිය අදානි සමූහයෙන්ම කරයි. ඇමරිකන් ආධාර එපා කියයි.

ඉන්දීය කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිගේ නායකත්වයෙන් යුත් අදානි සමූහ ව්‍යාපාරය තමන් ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතියකට අරමුදල් සැපයීම සඳහා තමන්ගේම සම්පත් භාවිතා කරන බවත් එක්සත් ජනපද අරමුදල් ලබා නොගන්නා බවත් ඊයේ (10) ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, ඉන්දියාවේ අදානි ෆෝර්ට් සීස් සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතියට අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල වෙතින් ඉල්ලූ ඩොලර් මිලියන 553 ක ණය ඉල්ලීම ඉල්ලා අස් කරගෙන ඇති බවයි, එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

එසේම අදාළ ව්‍යාපෘතිය ලබන වසර මුලදී ආරම්භ කිරීමට නියමිතව ඇති බවත්, සිය සමාගම එහි ප්‍රාග්ධන කළමනාකරණ උපාය මාර්ගයට අනුකූලව “අභ්‍යන්තර උපචිත” හරහා ක්‍රියාත්මක ව්‍යාපෘතියට අරමුදල් සපයන බවයි, එම සමාගම සඳහන් කර ඇත්තේ.

ඉන්දියානු ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානි විසින් පාලනය කරනු ලබන අදානි සමූහ ව්‍යාපාරයට වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ 51% ක කොටස් හිමිව ඇති අතර, එහි සීමාසහිත චයිනා මර්චන්ට් ෆෝර්ට් හෝල්ඩිංවිසින් පවත්වාගෙන යනු ලබන පර්යන්තයක් ද ඇත.

ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට එම පර්යන්තයේ 34% හිමිවන අතර ඉතිරි කොටස රජය විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ.

Related posts

Grade 5 Scholarship Exam not compulsory; Relevant Circular issued

Mohamed Dilsad

ජෝස්න්ටන්ට 8ට කළින් අධිකරණයට භාරවෙන්න ලෙස නියෝගයක්

Mohamed Dilsad

நாலக டி சில்வா எதிர்வரும் 16ம் திகதி வரை விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment