Trending Newsඑසැන පුවත්දේශීය

රිලව් චීනයට යැවීමට පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය, පරිසරවේදීන් අධිකරණයට ගිහින් තහනම් කළා – හිටපු ඇමති මහින්ද අමරවීර

පොල් ගෙඩි මිලියන 200ක පමණ රිලවුන් විසින් වාර්ෂිකව විනාශ කිරීම පොල් මිල ඉහළ යෑමට මූලික හේතුවක් බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. පසුගිය ආණ්ඩුව සමයේ මෙරට රිලවුන් චීන සත්ත්ව උද්‍යාන වෙත යැවීමට සැලසුම් කළේ මෙම තත්ත්වය පාලනය කිරීමට වැඩපිළිවෙළක් ලෙස බවත් හිටපු ඇමැතිවරයා සඳහන් කරයි.

නමුත් පරිසරවේදීන් අධිකරණයට ගොස් එය නතර කළ බවත් ගස්වල සාරි බැඳීම, තහඩු එල්ලීම, ඉඩමේ කොටසක් රිලවුන්ට අතහැරීම වැනි ප්‍රායෝගික නොවන විසඳුම් ඔවුන් ලබා දුන් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

තවමත් චීනයට රිලවුන් යැවීමේ අවස්ථාව පවතින නිසා එම යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසුවේය.

Related posts

CEB announces daily power cut schedule

Mohamed Dilsad

Indian Chief of the Army Staff meets Commander of the Navy

Mohamed Dilsad

ஈஸ்டர் தாக்குதலை நடத்த எந்த சக்தி சஹ்ரானுக்கு உதவியது? ரிஷாட் பதியுதீன் கேள்வி [VIDEO]

Mohamed Dilsad

Leave a Comment