Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති සහ ඇමති නිල නිවාසවලට කරන්නේ කුමක් ද…?

ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිත බව වාර්තාවෙයි. මේ අතර ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15 ක් පමණ ඉල්ලීම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇමති බංගලා කුලියට දෙන ලෙස විවිධ ආයතන හතක් පමණ මෙසේ ඉල්ලීම් කර ඇත. මීට අමතරව විනිසුරුවන් තිදෙනෙකුද ඇමති බංගලා තමන්ගේ පාවිච්චියට දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ඉල්ලීම් සියල්ල රජයේ අවධානයට ඉදිරිපත් කළ බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය. මේ අතර ඇමැති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට යොදවා ගත හැකි බවට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් රජයට යෝජනා කර ඇතැයි වාර්තාවේ.

Related posts

நாட்டின் பெரும்பாலான பகுதிகளில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

විපක්ෂයේ පක්ෂ රැසක විශේෂ මාධ්‍ය හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැහැ.

Editor O

සුරක්ෂා සිසු රක්ෂණය මැතිවරණ කොමිෂමෙන් නතර කරයි.

Editor O

Leave a Comment