Trending Newsඑසැන පුවත්දේශීය

ගිනි අවි නිකුත් කිරීම පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය තීරණයක් ගනී.

ජීවිත ආරක්ෂණය සඳහා උපරිමය එකකට යටත්ව ගිනිඅවි නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ. ගිනිඅවි එකකට වඩා යම් අයෙකු ඉල්ලුම් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

එම විශ්ලේෂණ කටයුතු බුද්ධි අංශ මගින් සිදු කෙරෙන අතර, එහිදී අනාවරණය වන කරුණු මත තවදුරටත් ගිනිඅවි නිකුත් කරනවාද නැද්ද යන්න තීරණය කරනු ඇත.

ගිනිඅවි හිමිකරුවන් සම්බන්ධයෙන් සිදු කරන ආරක්ෂණ විශ්ලේශණයේදී ජීවිත තර්ජනයක් නොමැති නම් ඔහු සතු ගිනිඅවි යළි පවරා ගැනීමට ද පියවර ගන්නා බව , ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙයි. සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනිඅවි සම්බන්ධ සමීක්ෂණය මේ දිනවල ක්‍රියාත්මක වන්නේ ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී වන අතර, සිවිල් පුද්ගලයින් වෙනුවෙන් ගිනිඅවි 1,550ක් නිකුත් කර තිබූ බව ද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Related posts

Two Indian fishermen stranded in Lankan Sea rescued

Mohamed Dilsad

කරවල මිල අඩුවෙයි

Mohamed Dilsad

කොටහේන පාසල් සිසුවියගේ සිදුවීම ගැන පෝල්රාජ්ගේ ක්‍රියාකලාපය, ලංකා ගුරු සංගමයේ දැඩි විවේචනයට

Editor O

Leave a Comment