Trending Newsඑසැන පුවත්දේශීය

ලොහාන් සහ බිරිඳ දෙසැම්බර් 06 දක්වා යළි රිමාන්ඩ්

නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ හා ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් රුවනි ජයවර්ධන මහත්මිය යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 06 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද (02) නියෝග කළාය.

බන්ධනාගාරගතව සිටි ලොහාන් රත්වත්තේ මහතා හදිසියේ අසනීප වී කොළඹ ජාතික රෝහලට බන්ධනාගාර රැකවරණය යටතේ මාරු කළ අතර ඔහුට වැලඳි ඇති රෝගය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන දෙසැම්බර් 09 වැනිදාට අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝගයක්ද නිකුත් කර කෙරිණ. එම වාර්තාව ද ලබන දෙසැම්බර් 09 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

அரசியல் அமைதியின்மை எதிர்வரும் வாரம் முழுமையாக நிறைவுக்கு கொண்டு வரப்படும்

Mohamed Dilsad

Colder nights and mornings expected – Met. Department

Mohamed Dilsad

பிரபல பாதாள குழு உறுப்பினர் சீட்டி சிக்கினார்

Mohamed Dilsad

Leave a Comment