Trending Newsඑසැන පුවත්දේශීය

පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙස් ද කීවේය. අපේ, කතාවලට, නිවේදනවලට, ප්‍රකාශනවලට පමණක් සීමා නොවී, පලස්තීන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ස්ථාපනය කිරීම, මහපොළොවේ සත්‍යයක් බවට පත් කරන්නට, අපි කැප විය යුතුයි. ඒ උදෙසා විශේෂයෙන්, වර්ථමාන ආණ්ඩුවත්, විපක්ෂයත්, කිසිම භේදයකින් තොරව, ඒ අරමුණ වෙනුවෙන් ඉන්නවා. එක ස්ථාවරයක සිටිනවා. පලස්තී රට පොළොවට සමතලා කිරීම රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක්. එය තරයේ හෙළා දකිනවා. ලෝක ප්‍රජාවද පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බව ද, විපක්ෂ නායකවරයා පැවසුවේ.

Related posts

Sri Lanka Emerging to tour Bangladesh

Mohamed Dilsad

Finance Ministry Rejects State Employees Salary Hike Claims

Mohamed Dilsad

Japan to ban Huawei, ZTE from govt contracts: Reports

Mohamed Dilsad

Leave a Comment