Trending Newsඑසැන පුවත්දේශීය

ඔබ ගන්න හුස්ම පිරිසිදු ද….? තෝරාගත් ස්ථාන කිහිපයක වායුගෝලයේ තත්ත්වය

පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය තරමක් අහිතකර මට්ටම් කරා ළඟා වී ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.

යාපනයේ සහ කොළඹ ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, එම අගයන් පිළිවෙලින් 130 සහ 120 ලෙස සටහන් වී ඇති බවයි එම සංවිධානය සඳහන් කළේය. නුවරඑළිය සහ බදුල්ල ප්‍රදේශවල වාතයේ ගුණාත්මකභාවය මධ්‍යස්ථ මට්ටමක පවතින අතර, වායු තත්ත්ව දර්ශකයේ අගය 50ට අඩුවෙන් පැවතිය යුතුය.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල මීදුම් තත්ත්වයක් නොවන වායු දුෂණ තත්ත්වයක් මතු වී තිබෙන බව වාර්තා වේ. හැටන්, බගවන්තලාව, මස්කෙලිය, නෝටන්බ්‍රිජ් සහ ගිනිගත්හේන ප්‍රදේශවල කදු මුදුණේ සහ පහත් බිම් වල වෙනත් දිනයන්හි දක්නට නොලැබෙන ඇපැහැදිලි දුමාරයක් දක්නට ලැබෙන බව සඳහන්.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයක් තරමක් මේවනවිට පහව ගිය නමුත් (29) දින සිට මෙම වායු දුෂණ තත්ත්වය දවස පුරා දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. වායු ගෝලයේ අයහපත් තත්වය හේතුවෙන් හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අජිත් ගුණවර්ධන ජනතාවට දැනුම් දෙන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ තත්ත්වය දැක්වෙන වාර්තාව පහතින්

Related posts

Minister Champika to visit Akurana; Town to be redesigned with modern facilities

Mohamed Dilsad

Sri Lanka to obtain credit package from Suisse Bank for national airline carrier

Mohamed Dilsad

Giant alligator caught on film in Florida – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment