Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා රෝහල්වල සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයක් ළඟදීම…?

රෝහල් කාර්ය මණ්ඩල සඳහා ඇඟිළි සලකුණු යන්ත්‍ර අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය කොටසකට පමණක් බලාත්මක කරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවට සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයෝ අනතුරුව අඟවති.

රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයට පැමිණීම හා පිටවීම සඳහා ඇඟිළි සලකුණු යන්ත‍්‍ර වෛද්‍යවරුන්ට හැර අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා පමණක් ම අනිවාර්ය කර ඇතැයි එම වෘත්තිය සමිති පෙන්වා දෙයි. සෞඛ්‍ය පද්ධතියට ඇඟිළි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නම් සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

ශ්‍රේණි දෙකකට පමණක් විශේෂත්වයක් දක්වා ඇඟිළි සලකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කළහොත් අනෙකුත් වෘත්තිය සමිති සමඟ පාරට බසින බවද රජයේ විකිරණවේදීන්ගේ සංගමය කියා සිටී.

Related posts

හාල් කිලෝව රු. 250ට ත් වැඩිවන පෙරනිමිති. වී කිලෝව 150ට මිලදී ගනිති.

Editor O

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

Mohamed Dilsad

ගාල්ලේ කඩසාප්පු පෙළක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment