Trending Newsඑසැන පුවත්දේශීය

මේ ආණ්ඩුවේ, ඇමති සහෝදරයට කියලා බෝනස් ගන්නවා – ලංකා විදුලි සේවක සංගමය.

වර්තමානයේ ආණ්ඩුව කරන්නේ තමන්ගේ අය බවත් ලංකා විදුලි බලමණ්ඩලයේ සේවකයන්ගේ ප්‍රසාද දීමනා ලබා ගන්නා බවත් ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි. එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් සඳහන් කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලය බාර අමාත්‍යවරයාද තම පක්ෂයේ සහෝදරයකු බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් රංජන් ජයලාල් එම කරුණු අනාවරණය කළේය.

රංජන් ජයලාල් මෙසේ ද කීවේය. විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර තොරතුරු එළියට දමන්නේ මාලිමාවට රිංගා ගත් නරි කිහිප දෙනෙකු බවත් නුදුරේදීම එම නරි කණෙන් අල්ලා එළියට දමන බවත් ඔහු කියා සිටියි. මාධ්‍යයට විදුලි බල මණ්ඩලයට ඇතුළුවීමට ඉඩ නොදෙන පිරිසක් සිටින බවත්, මේ වන විට පවතින්නේ තම ආණ්ඩුව බවත් විදුලි සේවකයන්ගේ ප්‍රසාද දීමනාව ලබා ගන්නා බවත් විදුලි බල මණ්ඩලය හදන බවත් ඊට අවශ්‍ය යෝජනාද ගෙන එන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

උද්ඝෝෂණ නොකර ප්‍රසාද දීමනා ගන්නවා. විදුලිබල ඇමති ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙක්. අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ යැයි ද කීවේය. විදුලි බල මණ්ඩලයේ සිදු වූ අක්‍රමිකතා සියල්ල ඉදිරියේදී හෙළි කරන බව හෙතෙම කීවේය.

Related posts

IMF Chief will not make Sri Lanka visit in March

Mohamed Dilsad

ஜனாதிபதித் தேர்தல் – 80 வீதமான வாக்கு பதிவுகள்

Mohamed Dilsad

නීති විරෝධී ගෝඩා ලීටර් දස දහසක් ඇතුළු උපකරණ තොගයක් සීදුවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment