Trending Newsඑසැන පුවත්දේශීය

බැඳුම්කරේ වගකීම කාගෙද…? හිටපු ඇමති රවී කරුණානායකගෙන් ප්‍රකාශක්

යහපාලන ආණ්ඩුවේ මහ බැංකුව අයත්ව තිබුණේ තමන්ට නොව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සඳහන් කරයි. මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කළ විමසීමකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.

“මහ බැංකුව භාරව තිබුණේ එවකට හිටිය අගමැතිට මිස මට නෙමෙයි. රාජ්‍ය බැංකු තිබුණෙත් කබීර් හෂීම් යටතේ යටතේ මිස මගේ යටතේ නෙමෙයි. එහෙම තියෙද්දිත් අදාළම නැති කාරණාවක් සම්බන්ධයෙන් නිකරුණේ මට චෝදනා එල්ල වෙනවා. අහක යන ප්‍රශ්න ඇගේ වදිනවා වගේ වැඩක් තමයි මට සිද්ධ වුණේ. ඇත්තටම වැරැදිකාරයෙක් නම් අද මට මෙහෙම ඉන්න බැහැනේ. මම දේශපාලනය කරන්නේ ජීවිතය ගැට ගහගන්න නෙමෙයි. මම වෘත්තීය පදනමක් තියෙන වරලත් ගණකාධිකාරීවරයෙක්.

ආසියාවේ හොඳම මුදල් අමාත්‍යවරයා බවට පත්වුණේ නිකන් ඉඳලා නෙමෙයි. ඒත් හරියට වැඩක් කරන කෙනෙක්ට ඉදිරියට එන්න නොදී මොනම හරි හේතුවකින් ඒ පුද්ගලයාගේ ගමන් මග ඇහිරීමයි ලංකාවේ සාමාන්‍ය ක්‍රමවේදය. ඒ නිසා මටත් සමහරු එක එක කතා කිව්වා.

Related posts

Gunmen kill Saudi security officer and foreign national in Buraidah attack

Mohamed Dilsad

Army Commander also requests parents to send children to schools

Mohamed Dilsad

சுற்றுலா பயணிகளின் வருகை ஐந்து சதவீதத்தால் அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment