Trending Newsඑසැන පුවත්දේශීය

වේයන්ගොඩ නිධානය සොයා තෙවෙනි දිනටත් කැණීම්

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක් ආශ්‍රිතව අධිකරණ නියෝගයක් මත නිධානයක් සොයා ආරම්භ කළ කැණීම් කටයුතු අද (23) දිනයේත් සිදු කරමින් තිබෙන බව සඳහන්.

ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි ස්ථානයක මෙම කැණීම් කටයුතු ආරම්භ වූ අතර, අද තෙවන දිනටත් එම කටයුතු සිදු කිරීමට නියමිත බව වේයන්ගොඩ පොලීසිය සඳහන් කළේය. එම ස්ථානයේ නිධානයක් සොයා පසුගිය කාලයේ සිට විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව කැණීම් කටයුතු සිදු කර තිබූ අතර, එහිදී අත්අඩංගුවට ගත් බොහෝ පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

මෙම තත්ත්වය තුළ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් ලබාදුන් නියෝග පරිදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ස්කෑන් පරීක්ෂණ වලදී පොළොව අභ්‍යන්තරයේ යම් දෙයක් ඇති බවට නිරීක්ෂණය වී තිබේ. ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණය, වේයන්ගොඩ පොලීසියට නියෝග කර තිබුණේ මහජනතාව ඉදිරියේ එම ස්ථානයේ කැණීම් කරන ලෙසයි.

එම කැණීම් සඳහා දින දෙකක කාලයක් ලබා දී තිබූ අතර, ඒ අනුව ඊයේ සහ පෙරේදා දිනවල එහි කැණීම් සිදු කෙරිණ. කෙසේ වෙතත් ඊයේ පස්වරුව වන විටත් එය අවසන් කිරීමට නොහැකි වූ අතර, දැවැන්ත ගලක් හමුවීමත් සමග ඊයේ දිනයේ කැණීම් තාවකාලිකව නවතා දැමිණ.

Related posts

Nadal into French Open quarter-finals

Mohamed Dilsad

பிரதான பொலிஸ் பரிசோதகர்கள் 26 பேருக்கு பதவி உயர்வு

Mohamed Dilsad

China believes Sri Lanka will overcome the disasters and rebuild

Mohamed Dilsad

Leave a Comment