Trending Newsඑසැන පුවත්දේශීය

අලුත් ආණ්ඩුවේ පළමු වැඩ වර්ජනය දකුණෙන් ඇරඹේ

රුහුණ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය අද (19) සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා ධූරයෙන් ඉවත් වනතෙක් එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මත කරන බවයි එහි ආචාර්යවරුන්ගේ එකමුතුව සඳහන් කළේ.

රුහුණ විශ්වවිද්‍යාලය වසර ගණනාවක සිට දිනෙන් දිනම පරිහානියට පත් කිරීමේ වගකීම භාරගෙන උපකුලපතිවරයා වහා තනතුරෙන් ඉවත් විය යුතු බව කාර්යය මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව අද (19) පෙරවරු 9.00 සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවත්, සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක් සහ විරෝධතා පා ගමන් සංවිධානය කර ඇති බවත් වාර්තා වනවා.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට පෙර මෙම ආචාර්යවරුන්ගේ එකමුතුව රුහුණු විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී විරෝධතාවයක් දක්වා උප කුලපතිවරයාට වහාම ඉවත් වන ලෙස බලකල ඇති අතර එසේ නොවන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට එහිදී දැනුවත් කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් සතියකට අධික කාලයක් ගතවී ඇතත්, උපකුලපතිවරයා තවදුරටත් තනතුරේ රැඳී සිටීම හේතු කරගෙන ඔහු ඉවත් කරන තෙක් අඛණ්ඩ වැඩ වර්ජනයක් සහ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි එම ආචාර්ය එකමුතුව සඳහන් කරයි.

Related posts

UK Parliament rejects Brexit deal, Theresa May to face no-trust vote

Mohamed Dilsad

උසස් පොලිස් නිලධාරින්ට ස්ථාන මාරු

Mohamed Dilsad

තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

Leave a Comment