Trending Newsඑසැන පුවත්දේශීය

ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා නිකුත් කර ඇති ගිනි අවි දෙසැම්බර් 30ට පෙර ළඟම පොලිසියට භාර දෙන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය දන්වා සිටී.

ගිනිඅවි ලබාදුන් පුද්ගලයින්ගේ නාමලේඛන පොලීසියට ලබාදී ඇති බවත් එම නාමලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනිඅවි පොලීසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දුන් බව ද, අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, තවද දැනටමත් එම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින් ගිනිඅවි රජයට භාරදී ඇත්නම් ඒ පිළිබඳව සනාථ කරන ලේඛන පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් සහයෝගය ලබාදෙන ලෙසත් ආරක්‍ෂක අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම්දෙනවා.

Related posts

12 மாவட்டங்களில் அதிக டெங்கு தொற்று அவதானம்:நோயாளர்களின் எண்ணிக்கை 44 ஆயிரத்தை விட அதிகம்

Mohamed Dilsad

අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් විශේෂ චක්‍රලේඛයක්!

Editor O

“Do not cast your valuable vote for candidates who only work for the election” – Minister Bathiudeen

Mohamed Dilsad

Leave a Comment