Trending Newsඑසැන පුවත්දේශීය

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුණත්, අනන්‍යතාව තහවුරු කර ඡන්දය දාන්න පුළුවන් – මැතිවරන කොමිෂන් සභාව

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ වන විටත් නොලැබුණු ඡන්දහිමියන් හට, නොවැම්බර් 14 දින දක්වා කාර්යාල වේලාව තුළ දී තමන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස් ස්වකීය අනන්‍යතාව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තම ගෘහයට අදාළ නිල ඡන්ද දැන්වීම්පත් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ්අඩවියට පිවිසීමෙන් ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව බාගත කළ හැකිය.කෙසේ නමුත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්දය දැමීම සඳහා අනිවාර්‍ය අවශ්‍යතාවයක් නොවන බවත් එය නොමැතිව වුවද වලංගු හැඳුනුම්පතක් ඔබ සතුව ඇත්නම් ඡන්දය දැමීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඡන්දය ප්‍රකාශ කිරීමේ දී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා අනුව වලංගු හැඳුනුම්පත (පැරණි / නව), වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ පූජ්‍ය පූජක හැඳුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ හැඳුනුම්පත තහවුරු කිරීමේ ලිපිය, ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත යනාදිය භාවිත කළ හැකිය.

එමෙන්ම මේ කිසිවක් නොමැති ඡන්ද හිමියන් හට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකිය. විශේෂයෙන්ම අපැහැදිලි හැඳුනුම්පත්, කාර්‍යාලීය හැඳුනුම්පත් හෝ ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ අයදුම්පත වෙනුවෙන් නිකුත් කළ කුවිතාන්සි ආදිය වලංගු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි

Related posts

පොලිස් සිවිල් ආරක්ෂක නිලධාරීන්ටත් විශේෂ දීමනාවක්

Mohamed Dilsad

අවි නිෂ්පාදනාගාරයක් වටලයි[PHOTOS]

Mohamed Dilsad

Christchurch Attacks: Al-Noor Mosque reopens to worshippers

Mohamed Dilsad

Leave a Comment