Trending Newsඑසැන පුවත්දේශීය

අපේ අනාගතය වෙනුවෙන් පාලකයන් අප තෝරා ගැනීම සඳහා, සෑම පුරවැසියෙක්ම අනිවාර්යෙන්ම ඡන්දය දාන්න – මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය

අපේ අනාගතය වෙනුවෙන් පාලකයන් අප තෝරා ගැනීම සඳහා, සෑම පුරවැසියකේම අනිවාර්යෙන්ම ඡන්දය ප්‍රකාශ කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීවේය. ඡන්දය අපේ අයිතියයි, ඡන්දය අපේ බලයයි. ඡන්දය අපේ හඬ ය. අපේ ඡන්දය රටේ අනාගතයයි. ඒ නිසා සියලු ම ජනතාව ඡන්දය ප්‍රකාශ කළ යුතුයි. ඒක මතක් කිරීමයි අපි කරන්නේ. ඡන්දය විතරයි අපට තියෙන්නේ. එමෙන්ම, ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් ඡන්ද බලය හිමි පුරවැසියන් සියලු දෙනා ඡන්දය ප්‍රකාශ කළ යුතුයි. ඡන්දය නොදා හිටියොත්, ඡන්දය දාන අය කැමති පාලකයා පත්වෙනවා. ඒ නිසා ඡන්දය කුරුටු ගාන්නවත්, ඡන්දය නොදා ඉන්නවත් එපා. පසුගිය වතාවේ නාට්‍ය මගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කළා. මේ වතාවේ ටික්ටොක්වලින් ඡන්දය ගැන දැනුවත් කිරීම් කරනවා.

ඡන්ද දායකයෝ උදාසීන වෙන්න හේතුවෙලා තියෙන්නේ, 2015 විතර ඉදලා, ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද බලය ගැන, මිනිස්සුන්ගේ තිබිච්ච අභිලාෂය සාක්ෂාත් නොවන ආකාරයට, ඇතැම් දේශපාලනඥයින් ක්‍රියා කරන්න පටන් ගෙන තියෙනවා.. ඒ වගේම පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවක් මහජනතාවට තියෙනවා. ඡන්දය දුන්නොත් අපට මොනවද ලැබෙන්නේ. සමහර අයට තියෙන ප්‍රශ්නයක්. අපේ අනාගතය සඳහා පාලකයන් අප තෝරාගත යුතුයි. ඒ නිසා අනිවාරයෙන්ම ඡන්දේ දාන්න යැයි ද කීවේය.

Related posts

ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම ගැන නීතිපති පරීක්ෂණයක් ඉල්ලයි

Mohamed Dilsad

துபாய் மரினா பகுதியில் புதிய துறைமுகம்

Mohamed Dilsad

கோட்டாபயவை கைது செய்வதற்கான தடை மேலும் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment