Trending Newsඑසැන පුවත්දේශීය

ඊශ්‍රායල රජයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය

ඊශ්‍රායල ජාතිකයින් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව ඊශ්‍රායලය රජය ශ්‍රී ලංකා වෙත ප්‍රසාදය පළකර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ, ඊශ්‍රායල් විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රශංසා පළකර ඇති බවය.

ආරුගම්බේ ප්‍රදේශයේදී ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට සැලවීමත් සමග ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග අගය කරන බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශයේ ආසියා පැසිෆික් අංශයේ ප්‍රධානී අවිව් එස්ට්‍රා මහතා ඊශ්‍රායල තානාපති නිමල් බණ්ඩාර මහතා හමුවූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා රජයට සිය ප්‍රශංසාව පළකර ඇති බව වාර්තා වේ. එහිදී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

Related posts

ලොව පුරා කොවිඩ් මරණ සංඛ්‍යාව 119,587ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Upul Tharanga to lead Sri Lanka during the South Africa ODIs

Mohamed Dilsad

மழை அல்லது இடியுடன் கூடிய மழை….

Mohamed Dilsad

Leave a Comment