Trending Newsඑසැන පුවත්දේශීය

බද්දේගම පාසලක, නීතිය නොදත් විදුහල්පතිට මැතිවරණ කොමිෂමෙන් පාඩමක්

බද්දේගම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ, බද්දේගම, ගෝනපීනුවල, ප්‍රදේශයේ පෞද්ගලික නිවසේ පැවැත්වීමට නියමිතව තිබූ දේශපාලන පක්ෂයක රැස්වීමක් වහාම ක්‍රියාත්මකවන පරිදි තහනම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අද (06) සවස නියෝග කර තිබේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් දෙදෙනෙකු එම රැස්වීමට සහභාගීවන බවට පූර්ව ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කර තිබූ බවත්, ඒ අනුව, ලද පැමිණිල්ලක් අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, එම රැස්වීම තහනම් කිරීමට පියවර ගත්, මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් අදාළ නිවසට ගොස් ස්ථානයීය නිරීක්ෂණයක් කර විදුහල්පතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.

රජයේ පාසල් විදුහල්පතිවරු දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරීන් බවද මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ අනුව අදාළ රැස්වීම තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

Related posts

First Flag of War Heroes Commemoration Month pinned on President

Mohamed Dilsad

නීල ආර්ථිකයක් වෙනුවෙන් වෝයේජ් ශ්‍රී ලංකා සමුද්‍රීය සමුළුව කොළඹ දී

Editor O

நீதிபதியின் கையடக்கத் தொலைபேசியை திருடிய இளைஞர் கைது

Mohamed Dilsad

Leave a Comment