Trending Newsඑසැන පුවත්දේශීය

රනිල්ගේ ආණ්ඩුව ගත් විදෙස් ණය සහනය රටට අහිමි වීමේ අවධානමක්

ශ්‍රී ලංකාව විදේශ රටවලට ගෙවීමට ඇති ණයවලින් 20%ක් තම රජය විසින් ණය සහනයක් ලෙස අඩු කර ඇති කළද, වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාවන් හේතුවෙන් එම සහනයද රටට අහිමි වීමේ අවදානම් ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පේක්ෂකයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් කළුතර දී පැවති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

වත්මන් ආණ්ඩුව විසින් උපයන විට බද්ද අය කරන සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීමට පොරොන්දුව ඇති බවද පැවසූ වික්‍රමසිංහ මහතා එම බදු අඩු කළහොත් තවත් තැනක බදු පනවන්නට සිදුවන බවද කියා සිටියේය.

රජයේ සේවක වැටුප් වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ නොකළහොත් ජනතාව මැතිවරණයේදී ජාතික ජන බලවේගයට සහාය දෙන්නේ කුමක් සඳහා දැයි හිටපු ජනාධිපතිවරයා එහිදී තවදුරටත් ප්‍රශ්න කළේය.

Related posts

සියළුම දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට

Mohamed Dilsad

මුතුරාජවෙලට කසල බැහැර කිරීමට එරෙහි පෙත්සම විභාගයට දින තීන්දුයි

Mohamed Dilsad

மூன்றாவது இருபதுக்கு- 20 போட்டி இன்று

Mohamed Dilsad

Leave a Comment