Trending Newsඑසැන පුවත්දේශීය

ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර පරීක්ෂාව ප්‍රමාදවීම, පාසල් අධ්‍යාපන කටයුතුවලට බලපෑමක් – ලංකා ගුරු සංගමය

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු කඩිනමින් සිදු නොකළහොත් ඉදිරි විභාග සඳහා ද ඉන් බලපෑමක් සිදුවනු ඇති බව ලංකා ගුරු සංගමය සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අධ්‍යාපන බලධාරීන් කඩිනමින් ඒ පිළිබඳව අවධානය යොමු කර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි. ඇගයීම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් පාසල් අධ්‍යයන කටයුතුවලට ද බලපෑම් එල්ල වනු ඇති බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ශිෂ්‍යත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති බැවින් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගෙන් සඳහන් කළාය. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉල්ලීමක් සිදුකර ඇති බව අධ්‍යාපන අමාතංශ ලේකම්වරිය සඳහන් කළාය.

Related posts

මැදපෙරදිග රටවල් තුනක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැසක් දිවයිනට

Mohamed Dilsad

PCR කිරීමට බව පවසා නිවැසියන්ට නිදිපෙති දී නිවසක් කොල්ලකයි

Mohamed Dilsad

SL Navy: Two RO plants declared open in Nikaweratiya and Mahawa areas – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment