Trending Newsඑසැන පුවත්දේශීය

ලොහාන් රත්වත්තේ ජාතික රෝහලට මාරු කරයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලෙන් කොළඹ ජාතික රෝහලට රෝහලට මාරු කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) රාත්‍රී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා ජාතික රෝහලට ඇතුළත් කළ බවයි, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා සඳහන් කළේය.

නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව පසුගිය 31 වනදා අත්අඩංගුවට ගත් ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නිර්දේශ කිරීම හේතුවෙන් ලොහාන් රත්වත්තේ මහතා පසුව බන්ධනාගාර රෝහල වෙත යොමුකිරීම‍ෙ පියවර ගෙන තිබුණි.

Related posts

இந்தியப் பிரதமர் நாளை இலங்கை வருகிறார்

Mohamed Dilsad

UPDATE : පාර්ලිමේන්තුවට පැමිණි ජනපති ආ පයින්ම යයි

Mohamed Dilsad

US weighs military response over Syria

Mohamed Dilsad

Leave a Comment