Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් ඡන්දය සළකුණු කිරීම හෙට (30)

පාර්ලිමේන්තු මැතිවරයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම, හෙට (30) ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.

එම කාර්යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ. ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කරන දින ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

අදාළ දිනවල දී තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්දය සලකුණු කිරීම ට හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

තැපැල් ඡන්දයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්

Related posts

Italian driver hijacks and torches school bus full of children

Mohamed Dilsad

5000 දීමනාව ලබාදීම යළිත් හෙට සිට

Mohamed Dilsad

Dilshan and Perera to play in second edition of PSL

Mohamed Dilsad

Leave a Comment