Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අසනීපෙන්. නඩුව කල්තබයි.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුවක වැඩිදුර විභාගය ලබන මස 25 වනදා දක්වා, කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ නියෝග කළේය.

2016 වසරේ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා දිවයිනට පැමිණි අවස්ථාවේ කොළඹ ජගත් සංවිධාන කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කිරීමින් උද්ඝෝෂණය කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. නඩුවේ පළමු විත්තිකරු වන විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ අද (28) පෙනී සිටියේ නැහැ. ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු සඳහන් කළේය. ඒ අනුව නඩුව ලබන මස 25 වනදාට කල්තැබූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද දැනුම් දුන්නේය.

Related posts

මුන්දලම පොලිසිය ඇතුළු ස්ථාන කීපයක් විෂබීජහරණයට ලක්කරයි

Mohamed Dilsad

Hong Kong extradition protests leaves city in shock

Mohamed Dilsad

வெள்ள நீரில் மூழ்கி பெண் ஒருவர் பலி

Mohamed Dilsad

Leave a Comment