Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයට අදාළ ඉමාම් කමිටු වාර්තාව පිළිබඳව උදය ගම්මන්පිළගෙන් ප්‍රකාශයක්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ඉමාම් කමිටු වාර්තාව පිළිබඳව කරුණු එළිදරව් සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවැත්වූ මාධ්‍ය හමුවක් පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ මූලස්ථානය අද (28) පැවැත්වින.

බ්‍රිතාන්‍යයේ ‘චැනල් 4’ නාලිකාව විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳව එල්ල කරන ලද චෝදනා පිළිබඳ පරීක්ෂා කිරීමට හිටපු විනිසුරු අයි.එස්. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර තිබේ. එම වාර්තාවේ කරුණු අනුව හා චැනල් ෆෝ නාලිකාවේ වීඩියෝවේ, ශරීර භාශාව අනුව මුහුණු වසාගෙන කටහඬ වෙනස් කරමින් කරුණු හෙළිදරව් කරන ලද එකල විශ්‍රාමික රාජ්‍ය නිලධාරියකු බව කිවූ පුද්ගලයාට වර්තමානයේ රජයේ ඉහළ තනතුරක් දී ඇතැයි සමාජය තුළ ප්‍රබල සාකච්ඡාවක් මතුව තිබෙන බව ගම්මන්පිළ මහතා කීවේය.

උදය ගම්මන්පිළ මහතා මෙසේ ද කීවේය. මෙම කමිටුවට කාදිනල්තුමා හෝ මාලිමාවේ අය හෝ වෙනත් පාර්ශ්වයක් කිසිම විරෝධයක් මතුකළේ නෑ. මේ කමිටුවේ සාමාජිකයින්ගේ හැකියාව හෝ. අපක්ෂපාතීත්වය කිසිම කෙනෙක් කිසිම තැනක අභියෝගයට ලක්කරලා නෑ. පසුගිය 21 වනදා අපි ජනගත කරපු අල්විස් කමිටු වාර්තාවේ අන්තර්ගතය ගැන අපි නගපු චෝදනා ගැන වචනයක්වත් කතා නොකරන ආණ්ඩුව විශේෂයෙන්ම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමා කමිටුවේ සභාපති ධුරය දැරූ අල්විස් විශ්‍රාමික විනිසුරු තුමියට විෂමාචාර චෝදනා තිබෙනවාය කියලා චෝදනාවක් නැගුවා. ඕනෑම කෙනෙක්ට ඕනෑම කෙනෙක් ගැන චෝදනා නගන්න පුළුවන් දැන් අපි දන්නවා විජිත හේරත් ඇමතිතුමාට බීමත්ව රිය පැදෙව්වයි කියලා චෝදනා තියෙනවා. නාරාහේන්පිට දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකළේ කොහොමද කියලා චෝදනාවක් තියෙනවා. කාටද බැරි චෝදනා නගන්න. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි චෝදනාවක් නගනවා නම් ඒක සාක්ෂි සහිතව ඔප්පු වෙන්න ඕනේ. ඒ නිසා මම ගිය සතියේ මෙතන අභියෝග කළා විජිත හේරත් ඇමතිතුමාට පුළුවන් නම් අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයකට වැරදිකරු වුණාය කියන සාක්ෂි මීළඟ රාජ්‍ය මාධ්‍ය හමුවේදී ජනගත කරන්න කියලා. දැන් හෙටයි විජිත හේරත් මැතිතුමාගේ මාධ්‍ය හමුව තියෙන්නේ ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අපේ රටේ ස්වාධීන ජනමාධ්‍යවේදීන් කෝ ඇමතිතුමනි කෝ සාක්ෂි කියලා විජිත හේරත් ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරාවි කියලා. කමිටුව සොයාගත් කරුණුවලට පිළිතුරු සැපයීම පැත්තකින් තියලා කමිටු සාමාජිකයින්ට මඩ ගැසීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය සහ පුරුද්ද නිසා මේ කමිටුවේ සාමාජිකයින් ගැන කියන්න තීරණය කළා.”

අදාළ මාධ්‍ය හමුව පහතින්

Related posts

புதிய தொழில் முயற்சிகளை ஊக்குவிக்கும் வேலைத்திட்டம்

Mohamed Dilsad

4,130 பட்டதாரிகளுக்கான நியமனக் கடிதம் வழங்கும் நிகழ்வு இன்று

Mohamed Dilsad

President emphasises importance of ending teacher shortage

Mohamed Dilsad

Leave a Comment