Trending Newsඑසැන පුවත්දේශීය

පොල් ලොරිය, හෙට (28) සහ අනිද්දා (29) එන තැන් මෙන්න. එක්කෙනෙක්ට උපරීම පොල් ගෙඩි 05යි.

පොල් වගා කිරීමේ මණ්ඩල‍යේ ජංගම රථ හෙට (28) දවස පුරා නාරාහේන්පිට නගරයේදී සහන මිලට පොල් අළෙවි කිරීමට සැලසුම් කර ඇත. අනිද්දා (29) දෙහිවල නගරයේදී ද එම වැඩසටහන ක්‍රියාත්මකය. එහිදී සාමාන්‍ය ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 110ක සහන මිලකට අලෙවි කරයි.

එක් පුද්ගලයෙකුට පොල් ගෙඩි පහක් බැගින් නිකුත් කිරීමට කටයුතු කරන අතර ගැබිණි මාතාවන්ට හෝ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි දහය බැගින් ද නිකුත් කරයි. ඉතා ඉහළ මිලකට පොල් අලෙවි කරමින් පැවතීම පාලනය වනතුරු මෙම කටයුත්ත ක්‍රියාත්මක කරන බවද මණ්ඩලය සඳහන් කරයි.

Related posts

Update – US Government shutdown looms as Senate short of votes for spending bill

Mohamed Dilsad

ඩීසල් අර්බුදය : බස් රථ ධාවනයට බලපෑම්, දුම්රියට ප්‍රශ්නයක් නැහැ

Mohamed Dilsad

Two Sri Lankans arrested during brothel raid in Kuwait

Mohamed Dilsad

Leave a Comment