Trending Newsඑසැන පුවත්දේශීය

චීන ජාතික පරිගණක අපරාධකරුවන් දෙදෙනෙකු ගාල්ලේ දී අත්අඩංගුවට

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධවලට සම්බන්ධය යැයි,  චීන ජාතිකයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරදු 33 හා 38 යන වයස්වල පසුවන්ය.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 05ක්, හිමිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ්පත් 04ක් පොලිස් භාරයට ගෙන ඇත. ගාල්ල පොලිස් වසමේ බෝපේ පාර, ගිංතොට ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

Related posts

22 වන සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

Mohamed Dilsad

நாட்டின் 19 ஆவது அரசியல் அமைப்புத் திருத்தம்-கட்சி பேதமின்றி நிறைவேற்றப்பட்ட வரலாற்றுச் சிறப்பு மிக்க சட்டமாகும்

Mohamed Dilsad

கூட்டு எதிரணியின் முக்கிய தீர்மானம் இன்று

Mohamed Dilsad

Leave a Comment