Trending Newsඑසැන පුවත්දේශීය

චීන ජාතික පරිගණක අපරාධකරුවන් දෙදෙනෙකු ගාල්ලේ දී අත්අඩංගුවට

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධවලට සම්බන්ධය යැයි,  චීන ජාතිකයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරදු 33 හා 38 යන වයස්වල පසුවන්ය.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 05ක්, හිමිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ්පත් 04ක් පොලිස් භාරයට ගෙන ඇත. ගාල්ල පොලිස් වසමේ බෝපේ පාර, ගිංතොට ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ගාල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
 

Related posts

திஸ்ஸ அத்தநாயக்கவுக்கு எதிரான வழக்கு இம்மாதம் 24ம் திகதி…

Mohamed Dilsad

சைட்டம் மாணவர்கள் தொடர்பில் ஜனாதிபதியின் இறுதி தீர்மானம்

Mohamed Dilsad

இலங்கையின் ஆசிய நாட்டு சிங்கங்கள் இந்தியாவிற்கு

Mohamed Dilsad

Leave a Comment