Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය අඩු කිරීමේ සැලසුමක් ගැන වඩිවෙල් සුරේෂ් කියයි.

ප්‍රධාන පක්ෂ විසින් පාර්ලිමේන්තුවේ දෙමළ නියෝජනය අඩු කිරීමේ සැලැසුමක් ක්‍රියාත්මක බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පවසනවා. එහි බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක වඩිවේල් සුරේෂ් මහතා මේ බව ප්‍රකාශ කළේ, දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

අපි බදුල්ල දිස්ත්‍රික්කයේ තරුණයන් හමුවුණා. ඒ සාකච්ඡාවේදී වැදගත් දෙයක් අපි කතා වුණා. අපි තීන්දුවක් ගත්තා බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරන එක සම්බන්ධවත්. අපේ දමිළ ජනතාවගේ ඡන්ද ටික කඩන අයට විරුද්ධව වැඩ කරන්නත්, ඒ වගේම දෙමළ නියෝජනය පාර්ලිමේන්තුවේදී ස්ථාවර කරන්නත්. මයික් ලකුණෙන් ඉදිරි ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණවලට කොහොමද මුහුණ දෙන්නේ. පළාත්වලටදී කොහොමද කටයුතු කරන්නේ කියලා සාකච්ඡා කළා.

මේ මැතිවරණයේදී දෙන ඡන්දය පාර්ලිමේන්තුවට විතරක් සීමා වෙන්නේ නැහැ. මේ ඡන්දයෙන් අපේ නියෝජිතයක් පත් වුණේ නැත්නම් ඉදිරියේදී එන ප්‍රාදේශීය සභා, පළාත් සභා කොට උඩ කියලා අපි දන්නවා. පාර්ලිමේන්තුවට තෝරන ඒ නියෝජිතයා වඩිවෙල් සුරේෂ් වෙන්න ඔනේ නෑ. වඩිවේල් සුරේෂ්ට එහෙම තන්හාවක් නැහැ. අවුරුදු 20 ගාණක් පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මන්ත්‍රී, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති, ජනාධිපති උපදේශක කියලා ගොඩාක් තනතුරු දරලා තියෙනවා. නමුත් මම ඉදිරිපත් වුණේ, හරි අමාරු කාලයේ. ගොඩාක් අය පරදින්න බයේ මැතිවරණවලින් ඉවත් වුණා. මේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්න ජනතාව හොඳ තීන්දුවක් ගනිවි කියලා මම හිතනවා.

Related posts

Late monsoon fury kills 100 in north India

Mohamed Dilsad

முச்சக்கரவண்டிக் கட்டணங்கள் இன்று முதல் அதிகரிப்பு…

Mohamed Dilsad

Third “Fantastic Beasts” set for fall 2021

Mohamed Dilsad

Leave a Comment