Trending Newsඑසැන පුවත්දේශීය

එළඹෙන සඳුදා සිට අලුත් විදේශගමන් බලපත්‍ර දෙනවා – ඇමති විජිත හේරත්

එළඹෙන සඳුදා සිට අලුත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ‍අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම ඒ බව කීවේය.

එහිදී අදහස් දැක්වූ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා . ”විද්‍යුත් පාස්පෝට් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවලා, කැබිනට් අනුමැතියක් අරන් තිබුණා. ඒ දිනවලට ඔවුන්ට එය දෙන්න අපහසු වෙලා තිබුණා. ඒත් එක්කම සාමාන්‍ය පාස්පෝට් එක්ක ලබාදෙන්න. එම ආයතනයටම කැබිනට් මණ්ඩලය ඒ අවසරය දෙන්න තීන්දු කරලා තිබුණා.

විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස් දහසක් ඒ ආයතනයෙන් ලබාගන්න තමා තීන්දු කරලා තිබුණේ. නමුත් ඒ මුද්‍රණ කටයුත්ත භාර වෙලා තිබුණේ ඊට පෙරාතුව පාස්පෝට් ලබාදීපු ආයතනයට. ඒ නිසා අපිට උසාවි යන්න සිදු වුණා. අවසානයේදී මීට කලින් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කළ ආයතනය යම් මුදලකට මේ විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කරලා දෙන්න උසාවියේදී එකඟ වුණා.මේ විදේශ ගමන් බලපත්‍ර ප්‍රශ්නය කෙටි කාලයේදී විසඳගන්න පුළුවන් කියලා හිතනවා. ලබන සෙනසුරාදා වෙනකොට ලංකාවට විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ලැබෙනවා. සඳුදා ඉඳලා අලුත් විදේශ ගමන් බලපත්‍ර ය නිකුත් කරනවා යැයි ද කීවේය.

Related posts

இலங்கையுடனான உறவு எமக்கு முக்கியம் – டிரம்ப்

Mohamed Dilsad

Malinda Pushpakumara 13 helps seal dramatic win

Mohamed Dilsad

Seven Chinese workers at Aruwakkalu landfill arrested without visas

Mohamed Dilsad

Leave a Comment