Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරය පිළිබඳ එස්.අයි. ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක් දෙයි – ප්‍රසිද්ධ නොකළොත් ප්‍රසිද්ධ කරන කරනවා – උදය ගම්මන්පිල

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන දැනට ප්‍රසිද්ධ නොකළ එස්.අයි. ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට තමන් ආණ්ඩුවට දින 7ක කාලයක් ලබාදෙන බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙම අදහස් දැක්වීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායකයා මෙසේද පැවසීය. පසුගිය සඳුදා මාධ්‍ය හමුවේ දී ජනාධිපතිතුමා හිස් අතින් කටුවාපිටිය පල්ලියට ගිය එක වැරදියි, පල්ලිය හැමදාම ඉල්ලන්න පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටු දෙකේ වාර්තා දෙක අරගෙන යන්න තිබුණා කියා මම ප්‍රකාශ කළා. තවදුරටත් පමා නොකර මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් ඇමතිතුමාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කළා. එවිට ඇමතිතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා නැතිවුණේ කොහොමද ඒවායේ පිටු ගැලවුණේ කොහොමද කියලා අපි සොයා බලනවා කියලා.

ගරු ඇමතිතුමනි, කිසිම වාර්තාවක් නැති වෙලාත් නෑ. පිටු අඩු වෙලාත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදි කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. නමුත් ඒ කොටසේ තමයි මහ මොලකරු ගැන තිබෙන්නේ. ඒ නිසා ඒකත් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා එදා විපක්ෂයේ සිටිය මාලිමාව වගේම කතෝලික පල්ලියට සම්බන්ධ සමහරු ඉල්ලා සිටි නිසා ඒ සංවේදි කොටසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක ඇමතිතුමා කතෝලික රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට බාර දුන්නා. ඒ කොටස් වලින් මහ මොලකරු සොයා ගන්න නම් බැරි වෙලා තිබෙනවා. ඒ වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ කොටස ගැන නම් විජිත හේරත් ඇමතිතුමා කතා කරන්නේ ඒක දැන් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්. නැතිනම් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්.

අපි වගේම කතෝලික පල්ලියත් ආණ්ඩුවට ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලන්නේ දැනටමත් ප්‍රසිද්ධ කරපු ජනක් ද සිල්වා වාර්තාව නොවේ. දැනට ප්‍රසිද්ධ නොකරපු එස් අයි ඉමාම් වාර්තාවයි, ඒ එන් ජේ ද අල්විස් වාර්තාවයි ප්‍රසිද්ධ කරන්න කියලා අපි කියන්නේ. විශ්‍රාමික විනිසුරු එස් අයි ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 ජූනි 25 දාත්, විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 සැප්තැම්බර් 14ත් හිටපු ජනාධිපතිතුමාට බාර දුන්නා. මෙන්න මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න. කතෝලික පල්ලියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ඇන්තනී පියතුමන් පුන පුනා කියන්නේ මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලයි. ඒ වාර්තා ප්‍රසිද්ධ කරන්න බැරි වෙලා තිබෙන්නේ ඔබතුමා කියන ආකාරයට පිටු වගයක් අඩුවීම නම් අඩු පිටු ටික මට කියන්න. ඒ පිටු ටික මම දෙන්නම්. මොකද ඔබතුමාලාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සොයා ගන්න බැරි වුණු වාර්තා දෙක අපට ලැබිලා තිබෙනවා. අපි ඒක ප්‍රසිද්ධ නොකරන්නේ ජනාධිපතිතුමා පත් කළ කමිටුවක වාර්තාවක් තුන්වන පාර්ශවයක් විසින් ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නැති නිසා.

මෙවැනි සංවේදී කරණයක් පිළිබදව අපිට තවත් බලා ඉන්න බෑ. ආණ්ඩුව හරියටම දින හතක් ඇතුළත මේ වාර්තාව ප්‍රසිද්ධ කළේ නැති නම් මම ඒ වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියන අනතුරු ඇගවීම අපි කරනවා. මේ වාර්තාව ප්‍රසිද්ධ කළ පසු අනුර පානයෙන් මත් වෙලා ඉන්න ජනතාවකට සිහි එළවා ගන්න හැකි වේවි කියලා අපි හිතනවා.

වාර්තා මගේ ළඟ කියලා රෑට මගේ කාර්යාලය කඩන්න සැලැසුම් කරන්න එපා. මොකද අපි ඒ සමස්ථ වාර්තා දෙකම ස්කෑන් කරලා එහි පිටපත් රහසිගතව අන්තර්ජාලයේ තැන්පත් කරලයි තියෙන්නේ. සර්වජන බලය කොළඹ දිසා අපේක්ෂකවරුන් වන ශිරන්ත ජයලත්, සේකන මංගල යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගී විය.

Related posts

Anjalika takes on Tania in Under 18 final

Mohamed Dilsad

Afghanistan beat Sri Lanka by 91 runs

Mohamed Dilsad

முதல் கட்ட பேச்சுவார்த்தை வெற்றி

Mohamed Dilsad

Leave a Comment