Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දියාවේ ප්‍රාන්ත අමාත්‍යවරයෙක් වෙඩි තබා ඝාතනය කරයි.

ඉන්දියාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙක් වූ බාබා සිදික් වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීයාවේ ආණ්ඩු බලය හිමි,  භාරතීය ජනතා පක්ෂය හා සම්බන්ධ දේශපාලනඥයෙක් වූ බාබා සිදික් ව ඔහුගේ පුත්‍රයාගේ දේශපාලන කාර්යාලය අසලදී වෙඩිතබා ඇතැයි ද ඉන්දීය පොලීස් වාර්තාවල සඳහන්. හෙතෙම මිය යන විට 66 වෙනි වියෙහි පසුවිය.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක්ව අත්අඩංගුවට ගෙන ඇත. හිටපු ප්‍රාදේශීය අමාත්‍යවරයෙක් වන සිදික් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ දේශපාලඥයෙකි. එම ප්‍රාන්ත මැතිවරණය ලබන මස පැවැත්වීමට නියමිතව තිබේ. පසුගිය පෙබරවාරි මාසයේදී ඔහු ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයෙන් ඉවත්වී ඊට සම්බන්ධයක් නොමැති ජාතික කොංග්‍රස් පක්ෂය හා සම්බන්ධ විය. ජාතික කොංග්‍රස් පක්ෂය පාලක භාරතීය ජනතා පක්ෂය සමග එක්ව කටයුතු කරයි.

Related posts

Rishad’s testimony before PSC scheduled for today

Mohamed Dilsad

களனி கங்கையின் நீர் மட்டம் 4 அடியினால் உயர்வு…

Mohamed Dilsad

“No delay in naming UNP’s candidate” – Ameer Ali

Mohamed Dilsad

Leave a Comment