Trending Newsඑසැන පුවත්දේශීය

මෙන්ඩිස් සමාගමේ අර්ජුන ඇලෝසියස්ට ඇතුළු තිදෙනෙකුට අධිකරණ නියෝගයක්

රජයට අයවිය යුතු රුපියල් කෝටි 355ක් අගය එකතු කළ බදු (වැට්) ගෙවීම් පැහැර හරින ලදැයි කියන
ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (14) මස හයක සිර දඬුවම් නියම කළේය.

රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණා. අදාළ බදු මුදල් ගෙවන ලෙසට 2023/11/14 අධිකරණය නියෝග කර තිබියදී එම බදු මුදල් නොගෙවා පැහැර හැරීම හේතුවෙන් මෙම දඬුවම නියම කළේය.

අදාළ නඩුව කැඳවීමෙන් අනතුරුව වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර, වග උත්තරකරුවන් අද
දිනයේදී අදාල බදු මුදල් නොගවන්නේ නම් මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. දේශීය ආදායම් කොමසාරිස්වරයා මෙම නඩුව පවරා තිබිණි.

Related posts

முன்னாள் பிரதிப் பொலிஸ் மா அதிபர் நாலக டி சில்வா பிணையில் விடுதலை

Mohamed Dilsad

අද වාර්තා වූ ආසාදිතයින්ගෙන් 6 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්

Mohamed Dilsad

ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවට අදාළව නීතිපති ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment