Trending Newsඑසැන පුවත්දේශීය

තුන් දෙනාගේ ආණ්ඩුවෙන් 2025 වසරේ පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක්

මේ වසරේ නොවැම්බර් මාසයේ දී 2025 වර්ෂයට අදාළ අය-වැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම හේතුවෙන් ඇය-වැය වෙනුවට 2025 පළමු මාස 04 සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි සඳහන්.

ඒ අනුව වසර 2025 මුල් මාස හතර සඳහා පළමුව අතුරු සම්මත ගිණුමකුත් ඉන් අනතුරුව ජාතික අය-වැය ලේඛනයකුත් ඉදිරිපත් කිරීමට නව ආණ්ඩුව කටයුතු කරනු ඇත. නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු බලයට පත්වන ආණ්ඩුව, අමාත්‍යාංශ සහ ඊට අදාළ ආයතන ගැසට් කළ යුතුව තිබේ. ඉන් පසු ඒවාට ඉදිරි වසර සඳහා වියදම් සහ සංවර්ධන යෝජනා මෙන්ම ආදායම් ලබා ගැනීම් ඇස්තමේන්තු සකස් කළ යුතුව තිබේ. මෙම කරුණු ඉතා ඉක්මනින් සපුරාලීමට කාලයක් නොමැතිකම නිසා වසර 2025 මුල් මාස හතර සඳහා පළමුව අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත. වසර 2025 මුල් මාස හතරේ රජය අත්‍යවශ්‍ය වියදම් සහ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය මුදල් සහ අය වැයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම මෙම අතුරු සම්මත ගිණුම හරහා සිදු කර ගනු ඇත. ඉන් අනතුරුව විද්‍යාත්මක පදනමක් මත දැනට පවතින අමාත්‍යාංශ සහ ඒවායේ සේවා වෙන්කර ගැනීම්, ඒවා ගැසට් කිරීම සිදු කිරීමට නියමිතය. එලෙස විධිමත් ආකාරයට අමාත්‍යාංශ හා විෂයන් වෙන් කර ගැනීමෙන් පසු වසර 2025 සඳහා සම්පූර්ණ අය වැයක් ඉදිරිපත් කිරීම සිදු කෙරේ.

මෙම වසර 2025 සඳහා වූ සම්පූර්ණ අය-වැය ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීමට රජය ක්‍රියා කරනු ඇතැයි දේශපාලන සහ මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Related posts

விசாரணைகளை துரிதப்படுத்தும் நோக்கில் ஜனாதிபதி ஆணைக்குழுவிற்கு புதிய குழு நியமனம்..

Mohamed Dilsad

Uni. students arrested for taking inappropriate photos at Kiralagala Stupa before Court today

Mohamed Dilsad

வர்த்தக நிலையம் ஒன்றில் தீ பரவல்

Mohamed Dilsad

Leave a Comment