Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍ය චමල් සංජීවට සමගි ජන බලවේගයේ තනතුරක්

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිගි සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සමගි ජන බලවේගයේ රත්මලාන සංවිධායක ධුරයට පත්කර තිබේ. සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (06) එම පත්වීම ලබාදුන්නේය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ බරපතළ වංචා දූෂණ ගණනාවක්ම දිගින් දිගටම අනාවරණය කිරීමට වෛද්‍ය චමල් සංජීව මහතා කටයුතු කර තිබිණි. වෛද්‍ය චමල් සංජීව මහතා රාජ්‍ය පරිපාලනය සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව විද්‍යාපති උපාධි නිම කර ඇත. එමෙන්ම ඔහු රෝහල් පරිපාලනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය උපාධියද ශ්‍රී ලංකාවේදී සම්පූර්ණ කර ඇති අතර, සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳව හා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර ඇති බව සඳහන්.

Related posts

පළාත් පාලන ආයතන සභිකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කරයි.

Editor O

நாட்டின் பெரும்பாலான பகுதிகளில் இன்றும் மழை

Mohamed Dilsad

Pakistan Army Chief arrives in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment