Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් වික්‍රමසිංහ මහතාට, හිටපු ජනපතිවරයෙකුට සපයන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව සපයා තියෙනවා – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත අනුයුක්ත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඒ, අනුව රනිල් වික්‍රමසිංහ මහතාට, හිටපු ජනපතිවරයෙකුට ලැබෙන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව සපයා තිබේ. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව සඳහන්.

මේ දක්වා හිටපු ජනාධිපතිවරුන් 7 දෙනෙකු සඳහා එවැනි ආරක්ෂක ඒකක 7ක් පිහිටුවා ආරක්ෂාව ලබා දී තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

Related posts

அனைத்து வாகனங்கள், முச்சக்கர வண்டிகளில் ஒட்டப்பட்டுள்ள ஸ்டிக்கர்களை அகற்றுமாறு கோரிக்கை [VIDEO]

Mohamed Dilsad

“Parliamentarians who have the majority should be able to form a Govt.” – Wijeyadasa

Mohamed Dilsad

ஆர்ப்பாட்டப் பேரணி மீது கண்ணீர்ப் புகை தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment