Trending Newsඑසැන පුවත්දේශීය

රනිල් වික්‍රමසිංහ මහතාට, හිටපු ජනපතිවරයෙකුට සපයන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව සපයා තියෙනවා – පොලිස් මාධ්‍ය කොට්ඨාසය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා වෙත අනුයුක්ත කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඒ, අනුව රනිල් වික්‍රමසිංහ මහතාට, හිටපු ජනපතිවරයෙකුට ලැබෙන ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ආරක්ෂාව සපයා තිබේ. කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව සඳහන්.

මේ දක්වා හිටපු ජනාධිපතිවරුන් 7 දෙනෙකු සඳහා එවැනි ආරක්ෂක ඒකක 7ක් පිහිටුවා ආරක්ෂාව ලබා දී තිබේ. ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

Related posts

2018 ஆம் ஆண்டின் அரச புகைப்பட விழா

Mohamed Dilsad

Several Trains Operates by Striking Trade Unions

Mohamed Dilsad

புதிய சிறைச்சாலைகள் ஆணையாளராக டீ.எம் ஜயசிறி விஜயனாத்

Mohamed Dilsad

Leave a Comment