Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අනුර ට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය පමණයි. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඡන්ද ප්‍රමාණය කෙසේ වෙතත් මේ වන විට විට වත්මන් ජනාධිපතිවරයාට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කඩුවෙල පැවති සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් හමුවකදී විපක්ෂ නායකවරයා එසේ පැවසීය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය. ජනාධිපතිවරණය පරාජයට පත් වුවත් පසුබැමට ලක් වුවත් ඒ හරහා පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යා යුතුයි. ඉන්දීය විදේශ ඇමතිවරයා මුණ ගැසුනු අවස්ථාවේ ජනාධිපතිවරණයේ දී ජය පරාජයවුවත් සියලු දෙනාගේ අරමුණ රට දිනවිම නිසා අප රටට උදව් කරන ලෙස ඉල්ලා ඉල්ලා සිටියා. තරුණයින්ට දරුවන්ට සහ කාන්තාවන්ට, ජ්‍යේෂ්ඨ පුරවැසි ආදි සියලු දෙනා යහපත් ජීවිත ගත කළ හැකි තැනට රට ගෙන යා යුතුයි. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට රැක ගැනිම හා ආරක්ෂා කර ගැනීම යි. මේ අමාරු අවස්ථාවේ වුවත් සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතුයි. කවුරු අසුබවාදී අදහස් ඉදිරිපත් කළද සුබවාදීව රටට වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු යැයි ද කීවේය.

Related posts

India-Sri Lanka joint Military Exercise ‘Mitra Shakti’ concludes

Mohamed Dilsad

කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් කරයි

Mohamed Dilsad

பிரபல ஸ்கேட்டிங் வீரர் டெனிஸ் டென் கொடூர கொலை

Mohamed Dilsad

Leave a Comment