දේශීය

ජයලාල් රෝහණයන්ගේ දේහය අද පස්වරුවේ සුදර්ශණියට

(UTV | කොළඹ) – අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතාගේ දේහය කොළඹ සුදර්ශී ශාලාව වෙත අද පස්වරුවේ රැගෙන ඒමට නියමිතයි.

දේහය හෙට පස්වරුව දක්වා එහි තැන්පත් කර තැබෙන අතර, හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

දේහය මේවනවිට තැන්පත් කර ඇත්තේ ගණේමුල්ල කොස්සින්න ශ්‍රී සීලානන්ද මාවතේ පිහිටි ඔහුගේ නිවසේයි.

ජයලාල් රෝහණයන් හෘදයාබාධයක් හේතුවෙන් පෙරේදා මියයන විට 56 වැනි වියේ පසුවිය.

1964 වසරේ නොවැම්බර් මස 01 වනදා උපත ලැබූ ඔහු කලා කේෂ්ත්‍රයට පිවිසෙන්නේ 1976 වසරේ දීයි. රංගන ශිල්පියෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු, ලේඛකයෙකු, ගුවන් විදුලි පිටපත් රචකයෙකු, ගුරුවරයකු මෙන්ම වේෂ නිරූපණ ශිල්පියෙකු ලෙසින්ද ඒ මහතා රංගන ක්ෂේත්‍රයට සිදුකළ සේවාව අතිමහත්.

 

Related posts

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ජනතාවගේ ගැටළු විසඳීමට දුරකථන අංක 3ක්

Mohamed Dilsad

කොවිඩ් බලපෑමෙන් STF කඳවුරු 3 ක් හුදකලා කරයි

Mohamed Dilsad

පස්සර මාරක බස් අනතුරෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට – [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment