ක්‍රීඩා

දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට

(උදයම්,කොළඹ)  –  දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ සමස්ත ශූරතාවය ඉන්දියාව විසින් හිමිකරගත් අතර එහි අනු ශූරතාවය ශ්‍රී ලංකාව විසින් දිනාගනු ලැබීය.
කාණ්ඩ දහයක් යටතේ පැවති මෙම තරගාවලියේ  සියලු ම ඉසව් නියෝජනය කරමින් රන් පදක්කම් දිනාගැනීමට  ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඊට අමතරව රිදී පදක්කම් හතරක් ද  ඉන්දියානු කණ්ඩායම දිනා ගනු ලැබීය.
මෙම තරගාවලියේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ඔවුන් කාණ්ඩ හයක් සඳහා රිදී පදක්කම්  ද කාණ්ඩ හතරක් සඳහා ලෝකඩ පදක්කම් ද දිනාගනු ලැබීය.
ලෝකඩ පදක්කම් 03 බැගින් දිනාගනු ලබමින් මාලදිවයින හා පකිස්ථානය තෙවන ස්ථානයට පත්විය.
මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය, නේපාලය, මාලදිවයින  සහ සත්කාරක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් 06ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුනහ.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පසුගිය 19 දා ආරම්භ වූ මෙම තරගාවලිය ඊයේ (21) අවසන් විය.

Related posts

අපේ කාලයේ දේශපාලන හැප්පීම් තිබුණත් වගකීම වුණේ ක්‍රිකට්‌ ගහන එක – කුමාර් සංගක්‌කාර කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

ආසියානු කුසලානය : බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අදයි

Mohamed Dilsad

Leave a Comment