Trending Newsඑසැන පුවත්දේශීය

බලපත්‍ර සහිත ගිනි අවි සහ උණ්ඩ, වහාම රජයට බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ජීවිතාරක්ෂව සඳහා මෙරට පුරවැසියන්ට නිකුත් කර ඇති සියලූ ගිනිඅවි සහ උණ්ඩ නැවත බාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. එම ගිනිඅවි සහ උණ්ඩ නොවැම්බර් 7 වන දාට පෙර, වැලිසර පිහිටි නාවික හමුදාවේ, රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙත නැවත බාර දිය යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය බලපත්‍ර සහිත ගිනිඅවි සතු පාර්ශ්වයන් වෙත දැනුම් දෙයි.

ගිනි අවි බාර නොදෙන පාර්ශ්ව එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. ගිනිඅවි සමාලෝචනයකින් සහ අවශ්‍යතාවය කුමක්දැයි සොයා බැලීමෙන් අනතුරුව, එක් එක් පාර්ශ්වය වෙත ගිනි අවි ලබාදීමට කටයුතු කරන බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

දේපළ ආරක්ෂාව, වගා හානි ආරක්ෂාව සහ ක්‍රීඩා කටයුතු සඳහා ලබා දී ඇති ගිනි අවි සඳහා මෙය අදාළ නොවන බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

Showers to enhance from today

Mohamed Dilsad

Gotabhaya Rajapaksa Stay Order to be considered today

Mohamed Dilsad

கடும் புழுதிப்புயலால் செம்மஞ்சள் நிறமாக மாறிய வானம்…

Mohamed Dilsad

Leave a Comment