Trending Newsඑසැන පුවත්දේශීය

සමගි ජන සන්ධානයේ දේශපාලන න්‍යාය පත්‍රය වර්ථමානයටත්, අනාගතයටත් වළංගුයි – ඩලස් අලහප්පෙරුම

සමගි ජන සන්ධානයට ඡන්දය දුන්න සියලුදෙනා සංඛ්‍යාත්මකව පරාජය වුණත් ඔවුන් කිසිවෙක් දේශපාලනිකව පරාජය වී නැති බවත් සමගි ජන සන්ධානය ඉදිරිපත් කළ දේශපාලන න්‍යාය පත්‍රය අදටත් හෙටත් ඉදිරියටත් වලංගු බවත් ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා මෙසේ ද කීවේය. ජනාධිපතිවරයා සහ නව ආණ්ඩුව දෙස ලක්ෂ 56 ක ජනතාවක් බලාගෙන සිටිනවා. ඒ ජනතාවගේ බලාගෙන සිටිනවා මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරයා ලබාදුන්න ප්‍රතිඥා ප්‍රකාශ සහ අනාගත වාක්‍ය සම්බන්ධයෙන්. වර්තමාන ආණ්ඩුව ගත්ත තින්දු දෙකක් නිසා ජනතාව යම් මන්දොත්සාහි භාවයකට පත්වෙලා සිටිනවා. පහේ ශිෂ්‍යත්වය විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් එක තින්දුවක් , අධ්‍යාපන ඇමැතිතුමිය එක තින්දුවක් , ජනාධිපතිවරයා වෙනස්ම තින්දුවක් ලබාදිලා තිබෙනවා. තින්දු අතර ව්‍යාකූල භාවයක් තිබෙනවා. මේ පරස්පරතාවයන් රටක අනාගතයට ගැලපෙන්නේ නෑ. ඒ වගේම ඉන්ධන මිල සම්බන්ධයෙන් මතුවුණ කාරණයේදී ජනතාව බලාපොරොත්තු වුණ සහනය දෙන්න ආණ්ඩුවට නොහැකි වුණා. මේ පිළිබඳව නැවත අවධානය යොමුකරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා”

Related posts

இலங்கை – பங்களாதேஷ் அணிகளுக்கு இடையிலான போட்டி இன்று ஆரம்பம்

Mohamed Dilsad

Piliyandala shooting: Another suspect arrested

Mohamed Dilsad

வீடு தீப்பிடித்ததில் ஒரே குடும்பத்தை சேர்ந்த 7 சிறுவர்கள் பலி

Mohamed Dilsad

Leave a Comment