Trending Newsඑසැන පුවත්දේශීය

බන්දුල ගුණවර්ධන දේශපාලනයට සමුදෙයි ද ?

ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට අදහස් කර ඇතැයි හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. දේශපාලනය පිළිබඳව තමා තුළ කලකිරීමක් මතුව ඇතැයි ද මෙතෙක් තමා සමාජයට කළ මෙහෙවර සහ රටේ ආර්ථිකය සම්බන්ධව කළ ප්‍රකාශ කිසිවක් ජනාධිපතිවරණයේදී ජනතාව පිලිගෙන නැතැයි ද පවසන ඒ මහතා එවැනි පසුබිමක තවදුරටත් දේශපාලනයේ රැඳී සිටිය යුතුදැයි කියා සිතුවිල්ලක් පහළව ඇතැයිද සඳහන් කරයි.

සමාජයට මෙහෙවර කිරීමට දේශපාලනයම අවශ්‍ය නැති බවත්, වෙනත් අංශමගින් ද සමාජ මෙහෙවර කළ හැකි බව තම මතය බවද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මේ අතර, පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ, හිටපු අමාත්‍ය කාංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් හා රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි නිල නොවන ආංරචිමාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් ඔවුන් ක්‍රියාකාරී දේශපාලනනේ සමුගන්නා බවක් ප්‍රකාශ කර නැත.

Related posts

CEYPETCO bans bulk sale of Lanka Kerosene Oil

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය ආධාරයක්

Mohamed Dilsad

Alexander Krushelnitsky subject of anti-doping case

Mohamed Dilsad

Leave a Comment