දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය ආධාරයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇපකර නැවත නිකුත් කර තිබේ.

ලංකා බැංකුවට සහ මහජන බැංකුවට මෙම ණය ඇපකර ලිපි නැවත නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කාර්මික අපනයන , ආයෝජන ප්‍රවර්ධන සහ ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනය කළේය.

මෙවැනි ණය ඇපකර ලිපි 08ක් සහ භාණ්ඩාගාර ඇපකර දෙකක් මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය සුරක්ෂණය වෙනුවෙන් නිකුත් කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලබාගෙන ඇති ණය පහසුකම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 205.38කි.

Related posts

කොරෝනා මරණ ගණන 137 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

සබන් මිල වැඩිවුනාද.. .

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ වැය බර ගැන ජනාධිපතිගෙන් ප්‍රකාශයක්.

Editor O

Leave a Comment