Trending Newsඑසැන පුවත්දේශීය

සමාජ මාධ්‍ය තොරතුරු පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක්

ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍යයේ හුවමාරුවන තොරතුරු පිළිබඳ සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙයි.

එම ආයතනයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පුද්ගලයින්ට අපහාස වන පළකිරීම් සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතු බවයි. විවිධ ව්‍යාජ ගිණුම් ඔස්සේ පළ කරන එවැනි පළකිරීම් හුවමාරු කිරීම මගින් ඔබ මැතිවරණ නීතිය යටතේ වරදකට හසුවිය හැකි බවද ඔහු සඳහන් කළේ ය. එවැනි සිද්ධි සම්බන්ධයෙන් ලැබෙන සියලු පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද චරුක දමුණුපොල මහතා පැවසුවේ ය.

Related posts

Sri Lanka to modernise railway sector

Mohamed Dilsad

President orders authorities to take immediate steps to renovate John de Silva Theater Hall

Mohamed Dilsad

பாராளுமன்றத்திற்கு அருகில் அமைதியின்மை

Mohamed Dilsad

Leave a Comment