Trending Newsඑසැන පුවත්දේශීය

පාඨලීගේ නඩුවක් ලබන වසරට කල් යයි.

රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරක් කිරීමේ සිද්ධියක් සම්බන්දයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව 2025 පෙබරවාරි මස 28 වන දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (02) නියෝග කළේය.

විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා අධිකරණයේ පෙනී සිටි අතර, රණවක මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතීඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා කියා සිටියේ ප්‍රශ්තූතයට අදාළ නඩුවේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර ඇති බවයි. එබැවින් මෙම නඩුව කැඳවීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. 

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුව 2025 පෙබරවාරි මස 28 වන දා කැඳවන බව ප්‍රකාශ කළේය. 2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරකින් පුද්ගලයෙකුට බරපතල තුවාල කළේ යැයි කියමින් නීතිපතිවරයා විසින් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Related posts

குப்பைகளைக் கூட்டிப் பெருக்கிய ஜே.வி.பி பா.உறுப்பினர்கள்; ஆதரவை மேலும் அதிகரிப்பு(photo)

Mohamed Dilsad

බන්ධනාගාරයේ දුෂිත නිලධාරින් ගැන දැනුම් දීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Six passengers arrested by customs officers at BIA

Mohamed Dilsad

Leave a Comment