Trending Newsඑසැන පුවත්දේශීය

එදිරිවාදී දේශපාලනය සංස්කෘතිය නොව, ජනතාවගේ ගැටළුවලට විසඳුම් දෙන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

එදිරිවාදී දේශපාලනය සංස්කෘතිය නොව, ජනතාවගේ ගැටළුවලට විසඳුම් දෙන දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ උතුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. අපි මේ රටේ ප්‍රශ්න විසඳන්නන් බවට පත් විය යුතුයි. දැන් මැතිවරණය අවසන්. තවත් මැතිවරණයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි. ඒ මැතිවරණ ක්‍රියාවලිය තුළ, අපි සූදානම් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට. මේ රටේ ප්‍රශ්න තනි පුද්ගලයෙක්ට හෝ කිහිප දෙනෙකුට විසඳන්න අපහසුයි. එදිරිවාදී දේශපාලනය සංස්කෘතිය නොව, ජනතාවගේ ගැටළුවලට විසඳුම් දෙන දේශාපලන සංස්කෘතියක් රටට අවශ්‍යයි. ජනතාවගේ ගැටළුවලට උත්තර බඳින වැඩපිළිවෙලක් නිර්මාණය කළ යුතුයි.

Related posts

Navy arrests a person with illegal drugs

Mohamed Dilsad

சுதந்திர சதுக்கத்தை சுற்றியுள்ள வீதிகளில் கடும் வாகன நெரிசல்

Mohamed Dilsad

52 கொக்கெய்ன் வில்லைகளுடன் பிரேஸில் பெண் கைது

Mohamed Dilsad

Leave a Comment